නොවැම්බර් දුම්රිය වාර ප්‍රවේශපතෙහි වලංගු කාලය දීර්ඝ කෙරේ

By Shehan Dec 01, 2025 02:01 PM GMT
Report

නොවැම්බර් මස දුම්රිය වාර ප්‍රවේශපතෙහි වලංගු කාලසීමාව 2025.12.07 දින දක්වා දීර්ඝ කර තිබේ.

මේ වන විට රට පුරා පවතින අපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර දුම්රිය ගමන් වාර සීමා කීරිමට ද සිදු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආපදා මරණ සම්බන්ධයෙන් රජයට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට විපක්ෂය සූදානම්

ආපදා මරණ සම්බන්ධයෙන් රජයට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට විපක්ෂය සූදානම්

එසේම ගමන් අපහසුතා හේතුවෙන් මගීන් සීමීත ප්‍රමාණයක් පමණක් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මීලදී ගන්නා බව නීරීක්ෂණය වන බව සඳහන්ය.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන 2025 නොවැම්බර් මාසයට වලංගු මාසික හා ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍ර 2025.12.07 දින දක්වා භාවිතා කීරීමට පහසුකම් සලසා දීමට කටයුතු කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සති වාර ප්‍රවේශපත්‍ර සඳහා මෙය වලංගු නොවන බවය.