ග්‍රාම නිළධාරින්ට චෝදනාවක්.

Election Commission of Sri Lanka Sri Lanka Sri Lankan political crisis
By krishani Jun 12, 2023 08:04 AM GMT
krishani

krishani

Report

2023 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදු කිරීමේ දී ඇතැම් ග්‍රාම නිලධාරීවරුන්ගේ කාර්යභාරය නිසි පරිදි සිදු නොවන බවට මැතිවරණ කොමිසම චෝදනා එල්ල කරයි.

ඒ හේතුවෙන් නියමිත රාජකාරියේ නිරත ග්‍රාම නිලධාරින්ගේ කටයුතුවලට ද ඉන් බාධා ඇති වී තිබෙනවා.

ඒ බව අද (12) මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ය.

මේ අතර ඊයේ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, සිය රාජකාරි කටයුතු සිදු කිරීමේදී විවිධ ගැටළුවලට මුහුණපෑමට සිදුව ඇති බවයි.

කෙසේවෙතත්, ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කෙරෙයි.

ඒයට අදාළව ග්‍රාම නිලධාරීන් ගෙයින් ගෙට ගොස් අදාළ පෝරම පිරවීමේ කටයුතු සිදුකරනු ලබයි.

කෙසේවෙතත් එම කටයුතු නිසි පරිදි සිදු නොවන බවට තොරතුරු වාර්තා වී ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ.