අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම ගැන දැනුම්දීමක්

Report

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ (2023දී ලියාපදිංචි වූ) ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලුම පවුල් හා තැනැත්තන් සඳහා වාර්ෂික තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලිය දෙසැම්බර් මස 10 වැනිදා අවසන් වන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

මෙම යථාවත් කිරීම නොවැම්බර් 10 සිට ආරම්භ වී ඇති අතර, එය අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. එසේ නොකළහොත් ඉදිරි වසරේ ප්‍රතිලාභ සඳහා සුදුසුකම අහිමි විය හැකිය.

තොරතුරු යථාවත් කිරීම https://eservices.wbb.gov.lk වෙබ් අඩවිය හරහා සිදු කළ හැකිය. එහි QR කේතයේ HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරන්න. විකල්පයක් ලෙස ග්‍රාම නිලධාරී කාර්යාලය හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධන ඒකකය හරහාද සිදු කළ හැක. වැඩි විස්තර සඳහා 1924 අමතන්න.

අම්බලන්ගොඩ වෙඩිල්ලේ කවුරුත් නොහිතපු කථාවක් එළියට - ඝාතනය වෙලා තියෙන්නේ සජබෙ ප්‍රබල ලොක්කෙක්

අම්බලන්ගොඩ වෙඩිල්ලේ කවුරුත් නොහිතපු කථාවක් එළියට - ඝාතනය වෙලා තියෙන්නේ සජබෙ ප්‍රබල ලොක්කෙක්

රන් මිල නැවත වාර්තාගත ලෙස ඉහළට - රන් වෙළඳපොළේ දැඩි උණුසුම්

රන් මිල නැවත වාර්තාගත ලෙස ඉහළට - රන් වෙළඳපොළේ දැඩි උණුසුම්