උත්සව සමයේ ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳ හමුදාපති ගෙන් දැනුම් දීමක්..

Army
By Thaya Apr 07, 2021 09:26 PM GMT
Thaya

Thaya

Report

එළඹෙන උත්සව සමයේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය අවම කර ගැනිම සඳහා නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි. කොවිඩ් ඉදිරියේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාවට ඉතා හොඳ අවබෝධයක් ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි. ඒ දැනුම මත කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටීමට සියලු පුරවැසියන් කටයුතු කළ යුතු බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වන යුද හමුදාපතිවරයා,

“ඉදිරි දින කිහිපයේ දී ලක්වාසී ජනතාව හැසිරෙන ක්‍රමවේදය අනුව කොවිඩ් රෝගීන් අඩු කර ගැනීම හෝ වැඩිකර ගැනීමට හැකියාවක් තියෙනවා. අපි හිතනවා බුද්ධිමත් ශ්‍රී ලාංකිය ජනතාව විසින් මේ සෞඛ්‍ය හුරුපුරුදුවලට අනුගත වෙමින් කටයුතු කරයි කියලා. අහඹු පරීක්ෂණ සෑම ප්‍රදේශයකම කරලා කෙසේ හෝ ආසාදිතයින් සමාජය තුළ සිටී නම් ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.“