දුම්රිය හයක ප්‍රමාදයක් ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..!
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Sewvandhi
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි.
අද පස්වරුවේ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය 6ක් ප්‍රමාද වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ විදුලි කාර්මිකයින් පිරිසක් ඊයේ (23) පස්වරුවේ සිට ආරම්භ කර ඇති හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙලෙස අද පස්වරුවේ දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවය.
දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිස මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.
