පිල්ලෙයාන්ගේ තවත් සගයෙකු අත්අඩංගුවට

Report

හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු වන ඉනියා භාරතීගේ හිටපු රියදුරෙකු වන අලංකාරරත්න යුවරාජ් හෙවත් චෙලියන් සඳුදා (07) කල්මුණේහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියෙකු වන ඉනියා භාරතී නැගෙනහිර පළාතේ මිනීමැරුම්, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, ගිනි අවි භාවිතය, වධකාගාර පවත්වාගෙන යාම සහ කප්පම් ගැනීම් ආදී සිදුවීම්වලට සම්බන්ධය. ඔහු සහ ඔහුගේ සගයා වන තවසීලන්, ඉරිදා (06) CID විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔක්තෝබර් 1 සිට ඔබ භාවිත කරන අන්තර්ජාල සේවාවලට VAT

ඔක්තෝබර් 1 සිට ඔබ භාවිත කරන අන්තර්ජාල සේවාවලට VAT

තිරුකෝයිල් පොලිස් කොට්ඨාශයේ තම්බිලුවිල් 1 වන කොට්ඨාශයේ පෞද්ගලික බස් රථ රියදුරෙකු ලෙස සේවය කරන ඉනියා භාරතීගේ හිටපු රියදුරු, අලංකාරරත්න යුවරාජ් හෙවත් චෙලියන්, පසුගිය සඳුදා (07) කල්මුනේ බස් නැවතුම්පොළේදී CID විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු පොතුවිල් සිට මඩකලපුව දක්වා ප්‍රවාහන සේවයේ යෙදී සිටින පෞද්ගලික බස් රථයක් පදවාගෙන යමින් සිටි අතර, කල්මුනේ බස් නැවතුම්පොළේ රැඳී සිටි රහස් පොලිස් නිලධාරීන් විසින් බස් රථය කල්මුනේ නගර බස් නැවතුම්පොළට පැමිණි විට ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

'ගැබ් වාර්තා කරන්න - ලක්ෂයක් ගන්න!' - රුසියාවේ නව වැඩපිළිවෙළට දැඩි විවේචනයක්

'ගැබ් වාර්තා කරන්න - ලක්ෂයක් ගන්න!' - රුසියාවේ නව වැඩපිළිවෙළට දැඩි විවේචනයක්

අත්අඩංගුවට ගත් පුද්ගලයා තිරුකෝයිල් පොලිස් ස්ථානයේ රඳවා ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් පොලිසිය පැවසීය.

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා