වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරන දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසන්නේ, දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරමින් බස් රථවල ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ, දුම්රිය ධාවනය සීමා කර ඇති සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවලට පමණක් බව සඳහන් කරයි.
දුම්රිය ධාවනය සාමාන්‍ය ලෙස සිදුවන ප්‍රදේශවල පුද්ගලයින් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරමින් ලංගම බස් රථවල ගමන් කිරීමට උත්සහ දැරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බැවින්, මේ සම්බන්ධයෙන් මණ්ඩලය යළි අවධාරණය කර ඇත.
මහනුවර සිට කොළඹ වෙත පැමිණෙන දුම්රිය මගීන් සඳහා හෙට අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට ජාතික ගමනා ගමන කොමිසන් සභාව කටයුතු කරන බව සඳහන් වේ.
මෙම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර භාවිතයෙන් ගමන් කිරීමේ හැකියාව පවතින බව සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා පැවසීය. එසේම, පේරාදෙණිය ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය පාලම ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසුවේ, එම පාලම අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව නිරීක්ෂණය කර ඇති නමුත් හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගත හැකි බවයි.