දුම්රියෙන් ගමන් යන ඔබට ආරංචියක් - දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බවයි. එම නිවේදනයට අනුව උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර යාල්දේවී දුම්රිය හෙට සිට ධාවනය කරන බව සදහන් වේ.
ඒ අනුව එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.40ට පිටත්ව කන්කසන්තුරය දුම්රිය ස්ථානයට පස්වරු පස්වරු 2.32ට ළගාවීමට නියමිතව ඇත.
වැඩිදුරටත් දුම්රිය පාලක මැදිරිය වාර්තා වන ආකාරයට කන්කසන්තුරයෙන් පිටත්වන දුම්රිය පෙරවරු 10.30ට ආරම්භවී පස්වරු 6.54ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතව ඇත.