උතුරු කොරියාවෙන් තවත් අත්හදා බැලීමක්.

By krishani Jul 19, 2023 05:15 AM GMT
Report

අද (19) අළුයම උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇත.

ඒ බව ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ සඳහන් කළේ ය.

ඒ දශක හතරකට පසුව ප්‍රථම වරට ඇමරිකානු බැලස්ටික් මිසයිල සබ්මැරීනයක් දකුණු කොරියාවට පැමිණ පැය කිහිපයකට පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර, ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම මිසයිල දෙකම ජපානයේ සුවිශේෂි ආර්ථික කලාපයෙන් පිටතට වැටී ඇති බවයි.

එමෙන්ම, මෙවැනි අත්හදා බැලීම් කොරියානු අර්ධද්වීපයේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ සාමය සහ ස්ථාරවත්වය අඩපණ කිරීමක් බව දකුණු කොරියාව සඳහන් කළේ ය.