රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

Report

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීමේ නව ඩිජිටල් ක්‍රමවේදයක් අද (24) සිට හඳුන්වා දෙන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා පැවසීය.

මෙම නව ක්‍රමවේදය යටතේ, අයදුම්කරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය වේලාව කලින් වෙන් කරවා ගැනීමට හැකියාව ලැබේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

වේලාව වෙන් කරවා ගැනීමේ සේවාව නොමිලේ ලබා දෙන අතර, ඒ සඳහා අයදුම්කරුවන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකරන බව ද සඳහන් කෙරිණි.

නව ක්‍රමවේදය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ රියදුරු බලපත්‍ර අපේක්ෂකයින්ට වෛද්‍ය සහතික ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීම සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා වේලාවන් වෙන් කරවා ගැනීම පහසු කිරීමයි.

විවිධ ගැටළු නිසා රියදුරු බලපත්‍ර ගන්න බැරි වුණාද? ආබාධ සහිත පුද්ගලයන්ටත් රියදුරු බලපත්‍ර - විශේෂ ගැසට් සංශෝධනක්

විවිධ ගැටළු නිසා රියදුරු බලපත්‍ර ගන්න බැරි වුණාද? ආබාධ සහිත පුද්ගලයන්ටත් රියදුරු බලපත්‍ර - විශේෂ ගැසට් සංශෝධනක්