ප්‍රභල ඇමතිවරයෙකුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් හෙට කථානායකට.

Parliament Udaya gammanpila Samagi janabalawegaya Lakshman kiriella Mahinda yaapa
By Aruna Jun 21, 2021 04:52 AM GMT
Report

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(22) පෙරවරුවේ කථානායකවරයාට භාර දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ඉකුත් බදාදා (16) වනදා ආරම්භ කෙරිණි.

ඒ සඳහා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පක්ෂ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් සහ පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අද(21) වනවිට අත්සන් තැබූහ.

විශ්වාසභංග යෝජනාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now