පොලිස් ලොක්කෙකුගේ නිවස කොල්ලකයි..!

By Sewvandhi Dec 03, 2022 11:27 AM GMT
Report

කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතාගේ  නිවස කොල්ලකෑමට ලක්ව තිබේ. එනම් යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක්, වැලිපැන්න බොන්දුපිටිය, කුරුන්ද පාරේ පිහිටි කුමාර මහතාගේ නිවෙස කොල්ල කා තිබෙර් 

අද (03) දහවල් යතුරුපැදිවලින් කඩාවැදුණු සන්නද්ධ කල්ලිය නිවසේ තිබූ ජංගම දුරකථන 2ක් සහ රන් ආභරණ කොල්ලකා පළාගොස් ඇතැයි වැලිපැන්න පොලීසිය පවසයි.

කොල්ල කල්ලිය කඩාවදින මොහොතේ පොලිස් පරීක්ෂකවරයා නිවසේ සිට නොමැති අතර නිවසේ සිට ඇති පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ කොල්ලකරුවන්ගේ ප්‍රහාරයන්ට ලක්වී තුවාල ලබා ඇත.

සැකකරුවන් ටී56 ගිනිඅවියක් රැගෙනවිත් තිබේ. කළුතර සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now