හේතුව මේකද..? රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අධිකරණයෙන් සමාව ඉල්ලයි..!

CID - Sri Lanka Police Easter Attack Sri Lanka Ministry of Defense Sri Lanka Latest Headlines
By Sewvandhi Oct 07, 2024 10:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ,පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව සිය නීතිඥවරු මාර්ගයෙන් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඔහුට නියමකර තිබූ වන්දි මුදල රුපියල් මිලියන 75කි. එම නඩුකරය අද දහවල් කැදවූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා මේ බව දැනුම් දුනි.

දරුවන් ලක්ෂ විස්සක් මන්දපෝෂණයෙන් සිටියදී, හිටපු පාලකයා මාසෙකට කජු කන්න විතරක් කෝටි හතරක් වියදම් කරලා..

දරුවන් ලක්ෂ විස්සක් මන්දපෝෂණයෙන් සිටියදී, හිටපු පාලකයා මාසෙකට කජු කන්න විතරක් කෝටි හතරක් වියදම් කරලා..

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ වගඋත්තරකරු විසින් අද දින ඔහුට නියම කළ වන්දි මුදලේ ඉතිරිය වූ රුපියල් මිලියන 65ක් ගෙවා ඇති බව හානි පූර්ණ කාර්යාලය විසින් වාර්තා කර ඇති බවයි.

අධිකරණය හමුවේ පෙනී සිටි නිලන්ත ජයවර්ධන මහතා විනිසුරු මඩුල්ල ඉදිරියේ දැනුම් දුන්නේ, මෙම මුදල් ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවයි.

ඉන් අනතුරුව මෙම නඩු කටයුත්ත යළි නොවැම්බර් මස 18 වනදා කැඳවීමට ද නියම කළේය.