කොළඹ නගර සභාවේ පත්තර සොරාගෙන.
Sri Lanka Police
Sri Lanka
By Hashini
කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළෙඳ සැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝ 1486 ක සොරාගෙන ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ සොරාගත් පැරැණි පුවත්පත්වල වටිනාකම රුපියල් ලක්ෂ 3 ට අධික බවයි.
වැල්ලවත්ත මැනිං පොදු වෙළෙඳ පොළේ හතර වෙන මහලේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් තිබෙනවා.
ඉකුත් සැප්තැම්බර් මස 9දින හා පෙරේදා (23) අතර කාලය තුළ මෙම සොරකම සිදුව තිබෙනවා.
වැල්ලවත්ත පොලිසියට ඊයේ (24) ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
