ලෝක කුසලාන අවසන් මහා තරඟයට ප්‍රවිෂ්ට වීම සදහා ජයග්‍රහණය කළ ප්‍රථම කණ්ඩායම

By Sewvandhi Nov 10, 2021 06:04 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ පළමු පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4ක් බිඳ වැටී ලකුණු 166ක් රැස් කළා.

එංගලන්ත ඉනිම වෙනුවෙන් මියින් අලී පන්දු 37කට මුහුණ දෙමින් ලකුණු 51 ක් රැස්කර ගත්තේ හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් ඔහුගේ ඉනිමට එක්කර ගනිමින්.

මීට අමතරව ඩේවිඩ් මාලන් පන්දු 30 කදී ලකුණු 41 ක් රැස්කර ගත්තේ හතරේ පහර හතරක් සහ එක් හයේ පහරක් සමගින්. පන්දු යැවීමේදී ටිම් සෝතී, ඉෂ් සෝදී, ඇඩම් මිල්නෙ සහ ජේම්ස් නීශම් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී කියා.

මේ අනුව පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නම් නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 ඇතුළත ලකුණු 167 ක් ලබා ගත යුතු වනවා.

ලකුණු 167 ක් ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ප්‍රථම කඩුලූ 3 කඩුලූ ලකුණු 100 පසු කිරීමටත් පෙර දැවී ගිය අතර තරගය පුරාවටම ජයග්‍රහණය දෙපලටම දෝලනය වූ වුණා.

කෙසේ වෙතත් තරඟයේ 18 වන පන්දුවාරයේදී තරගය කඩුලූ 5කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින් පන්දු හතළිස් අටක් තුළ නොදැවී ලකුණු 73ක් ලබා ගත් ඩැරල් මිචෙල් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ඉතා අගනා ඉනිමක් දියත් කරමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha