මේ නිලධාරින්ගේ විශේෂ ස්ථාන මාරු සහනය සංශෝධනය වේ - සේවා ස්ථාන ලැයිස්තුවෙත් වෙනසක්?
ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණය පැවති සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සේවය කළ වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ වසර දෙකක විශේෂ ස්ථාන මාරු සහනය, වර්තමාන සංවර්ධන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වඩාත් විද්‍යාත්මක පදනමක් යටතේ සංශෝධනය කිරීමට 2020 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව 2026 වසර සඳහා තෝරාගත් නිර්ණායක මත සකස් කරන ලද “ඌණ පහසුකම් සේවා ස්ථාන” රෝහල් හා සෞඛ්‍ය ආයතන ලැයිස්තුව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගැනීමට නියමිත බව වාර්තා වේ.
එසේම ඌණ පහසුකම් සහිත රෝහලක සේවය කරන වෛද්‍යවරුන්ට වසර 02ක සක්‍රීය සේවයකින් අනතුරුව විශේෂ ස්ථාන මාරු ක්‍රමවේදයකට සුදුසුකම් ලබයි.
රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - ඉන්ධන ගැටලුව හේතුවෙන් මාර්ගෝපදේශ මාලාවක් - අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ දැනුම්දීමක්
එමෙන්ම(ඌණ පහසුකම් ස්ථානමාරු ක්‍රමවේදය) රෝහල්වල යටිතල පහසුකම් ක්‍රමයෙන් වර්ධනය වීම නිසා මෙම ලැයිස්තුවට ඇතුළත් රෝහල් සංඛ්‍යාව 2020 වර්ෂයේ පැවති 407 සිට 2024 වන විට 393 දක්වා ද, 2026 වර්ෂය සඳහා 265 දක්වා ද අඩු වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් යම් රෝහලක් ඌණ පහසුකම් සේවා ස්ථානයක් වශයෙන් නම් කරනු ලබන්නේ ප්‍රවේශ මාර්ගවල දුෂ්කරතාවය, ප්‍රධාන නගරයට හෝ පාසලකට ඇති දුර කිලෝමීටර් 15 ඉක්මවා තිබීම, පොදු ප්‍රවාහන පහසුකම් අවම වීම සහ පානීය ජලය, විදුලිය හෝ නේවාසික පහසුකම්වල පවතින ඌණතාවයන් වැනි පූර්ව නිශ්චිත නිර්ණායකයන් මතයි.
ඊට අමතරව වන සතුන්ගේ තර්ජන හෝ ස්වභාවික උපද්‍රව පැවතීමත් මෙහිදී සලකා බලන බව පවසයි.
කෙසේ වෙතත් මෙම ඌණ පහසුකම් සේවා ස්ථාන ලැයිස්තුව වාර්ෂිකව සංශෝධනය වන අතර, එය වලංගු වන්නේ එම වසරේ පත්වීම් ලබාදෙන ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය කණ්ඩායම සඳහා පමණක් බවද සඳහන්.
එමෙන්ම අමාත්‍යාංශයේ මූලික අරමුණ වන්නේ කුසලතා පදනම මත ක්‍රියාත්මක වන මෙම ප්‍රාථමික සේවයේ බඳවාගැනීම් හරහා වඩාත් අවශ්‍යතා සහිත ප්‍රදේශවල ජනතාවට බාධාවකින් තොරව වෛද්‍ය සේවය සපයා දීමයි.