අරක්කු ගැන නවතම හෙළිදරව්ව මෙන්න..අතිශය භයානක තත්ත්වයක්..!
මිලිලීටර් 180 හිස් අරක්කු බෝතල් (කාලේ බෝතල්) කෝටි දහයකට වැඩි ප්‍රමාණයක් 2018 වර්ෂයේදී පරිසරයට එකතු වී ඇති බව සමීක්ෂණ වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.
2018 වර්ෂයේදී කාලේ බෝතල් දස කෝටි පනස්පන් ලක්ෂ තිස් දෙදහස් එකසිය හැට නවයක් අලෙවි වී ඇති අතර, හිස් බෝතල් සියල්ලම පරිසරයට එකතුව ඇති බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.
2018 වර්ෂයේදී අරක්කු බෝතල් විසි කෝටි දොළොස් ලක්ෂ විසිහත්දහස් එකසිය අසූ එකක් අලෙවි වී ඇති අතර ඉන් සියයට 52ක්ම කාලේ බෝතල් බවත් අමාත්‍යවරයා හෙළි කළා.
මේ නිසා සිදුවන පරිසර විනාශය වැළැක්වීමට කාලේ අරක්කු බෝතල් වහාම තහනම් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
භාවිතයට ගැනෙන අරක්කු බෝතලවලින් සියයට 5ක්වත් ප්‍රතිචක්‍රීයකරණය කෙරෙන්නේ නැති බවත් අරක්කු බෝතල් නිසා සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් ගොවීන්, ගොවි සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
----------------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO
මෙරට ප්‍රභල මන්ත්‍රීවරයෙකුට විදෙස් රටකදී දැඩි විරෝධයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |