විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා ලෙස වැඩ භාරගනී

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

නව කොමසාරිස් ජනරාල්වරයා අද (01) පෙරවරුවේ කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී සිය නිල රාජකාරි ආරම්භ කළේය.

එම අවස්ථාව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් අනතුරුව අභිනව කොමසාරිස් ජනරාල්වරයා සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

“රටම බලා සිටි 22 ගැන තීරණයක් දෙයි'' - පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීමට කළ ඉල්ලීම ඉවතට

“රටම බලා සිටි 22 ගැන තීරණයක් දෙයි'' - පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීමට කළ ඉල්ලීම ඉවතට

රටේ සැඟවුණු ඛනිජ සම්පත් සොයන්න රජය සැරසෙයි - අපනයන ආදායම ඉහළ නංවා ඩොලර් ගෙන්වීමට නව සැලසුමක්

රටේ සැඟවුණු ඛනිජ සම්පත් සොයන්න රජය සැරසෙයි - අපනයන ආදායම ඉහළ නංවා ඩොලර් ගෙන්වීමට නව සැලසුමක්