මත්පැන් තැබෑරුම් වලට අලුත් නීතියක් - කරේ නැත්නම් දවස් 30න් බාර් වහයි

Report

මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

දැන් හරිනේ - නිළි ශ්‍රීමාලි පද්මේ එක්ක ගත්තු පින්තූර එළියට

දැන් හරිනේ - නිළි ශ්‍රීමාලි පද්මේ එක්ක ගත්තු පින්තූර එළියට

ඊට අනුව සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බවයි.

මෙම ගැසට් නිවේදනයට පෙර මෙම නීතිය ක්‍රියාත්මක නොවු අතර එය නව නීතියක් ලෙස හඳුන්වා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ඊට අමතරව නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇතිවිට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමට නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

ෆොන්සේකාට හා රන්ජන්ට රජයේ ලොකු තනතුරු ?

ෆොන්සේකාට හා රන්ජන්ට රජයේ ලොකු තනතුරු ?

සුරාබදු දෙපර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6ක් දක්නා පැවති අතර එය මාස 3 දක්වා කෙටි කිරීමට නව ගැසට් පත්‍රය මඟින් පියවර ගෙන ඇති බවයි.

සුරාබදු ගෙවීම් පැහැර හැරීම අවම කිරීමේ අරමුණින් මෙම නව බදු ගෙවීමේ කාලසීමාව සංශෝධනය කිරීමට තීරණය කර ඇත.