පොහොට්ටුවේ වැඩ බලන්න අලුත් නායකන් පත් කරයි...

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල, මාතර, මාතර, අනුරාධපුර හා ගම්පහ දිස්ත්‍රික් නායක ධුර දැරූ අමාත්‍යවරුන් තිදෙනෙකු සහ මන්ත්‍රීවරයෙක් ජනපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළකිරීම හේතුවෙන් එම තනතුරුවල වැඩ බැලීම සඳහා නව නායකයින් සිව් දෙනෙකු පත් කර ඇත.

ශ්‍රී ලංකාවත් වන ගහනයෙන් ඉහළ රටවල් ත්‍රිත්වයේ...(PHOTOS)

ශ්‍රී ලංකාවත් වන ගහනයෙන් ඉහළ රටවල් ත්‍රිත්වයේ...(PHOTOS)

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන වෙනුවට එම දිස්ත්‍රික් නායක ධුරයේ වැඩබැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පත්කර ඇත.

ජනපති යාපන සංචාරය අතරතුර සර්ව ආගමික ආශිර්වාද ලබා ගනී... (PHOTOS)

ජනපති යාපන සංචාරය අතරතුර සර්ව ආගමික ආශිර්වාද ලබා ගනී... (PHOTOS)

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික් නායකත්වය දැරූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවට එහි වැඩබැලීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද, මාතර දිස්ත්‍රික් නායකත්වයේ වැඩ බැලීම සඳහා අමාත්‍ය කංචන විජේසේකර වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක ද,ගාල්ල දිස්ත්‍රික් නායක ලෙසින් කටයුතු කළ රමේෂ් පතිරණ වෙනුවට එම දිස්ත්‍රික්කයේ වැඩබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ද පත්කර තිබෙනවා.