තරුණ හා බාල වයස්කාර වරදකරුවන්ට කරන්න යන දේ.

srilanka law new fact
By Sithumi Oct 20, 2021 09:49 AM GMT
Sithumi

Sithumi

Report

සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් දෙවන වර කියැවීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් හෙට (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අනුව තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) (සංශෝධන) පනත් කෙටුම්පත සහ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2021.07.02 දින අංක 2234/67 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක් විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතය. 

තරුණ වරදකරුවන් (පුහුණු පාසාල්) (සංශෝධන) පනත් කෙටුම්පත මගින් කලින් ස්ථාපිත කර තිබූ අවුරුදු 18ට අඩු වයස් සීමාව අවුරුදු 18-22 ලෙස සංශෝධනය කෙරෙයි. 

දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මගින් බාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඬුවම් නියම කිරීමේ විධිවිධාන ස්ථාපිත කෙරෙනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now