රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක්
රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවෙන් සිදු කෙරෙන ආනයන සම්බන්ධ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා නව නියාමන හඳුන්වා දී ඇත.
ඒ අනුව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ නව රෙගුලාසි අනුව, ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක් ලබා දිය යුතුය.
ලංකාවම හෙල්ලෙන ඇත්තක් UNPයෙන් එළියට - පාස්කු ප්‍රහාර වාර්තාව FBI අතට - ට්‍රම්ප් රනිල් අතර දුරකථන සංවාදයක්
ශ්‍රී ලංකා රේගුව වෙත එම ගනුදෙනු සම්බන්ධ සියලු තොරතුරු දැනුම් දීමද අනිවාර්ය කර ඇති අතර ඒ අනුව ආනයනකරුගේ බදු හඳුනාගැනීමේ අංකය (TIN), ලිපිනය, ප්‍රතිලාභියාගේ තොරතුරු, බැංකු හා ශාඛා කේත, ගෙවීම් මුදල, මුදල් ඒකකය, ගෙවීම් සහ භාරදීමේ කොන්දේසි, ගෙවීම් දිනය, Proforma Invoice අංකය සහ ආනයනය කරන භාණ්ඩ විස්තර ඇතුළු තොරතුරු බැංකු මඟින් රේගුව වෙත ලබා දිය යුතුය.
එමෙන්ම, භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ සුදුසුකම් ලත් ආනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇත.
ගෝඨාභය වෙන්න පුළුවන් සලේ වෙන්න පුළුවන් වැරැද්ද ඔප්පු වුණොත් ඇතුළට යන්නයි වෙන්නේ - දැන් සලේ නිසා ගොඩක් අය සැලේ වෙලා ඉන්නේ
ලියාපදිංචිය නොමැති ආනයනකරුවන් සඳහා වාණිජ බැංකුවලට අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට අවසර නොලැබෙන බවද නව රෙගුලාසිවල සඳහන් කර ඇති අතර මෙම නව නියෝග 2026 ජූනි 19 වන දින සිට ක්‍රියාත්මක වේ.
රජය පවසන්නේ මෙම පියවර මඟින් ආනයන ක්ෂේත්රයේ විනිවිදභාවය වැඩි කිරීම සහ විදේශ විනිමය පිටතට ගලායාම නිසි ලෙස නිරීක්ෂණය කිරීම අරමුණු කර ඇති බවයි.
ආනයන-ගෙවීම-සම-බන-ධ-නව-පාලන-රෙගුලාසි-හඳුන-වා-දෙයි by ashfa