විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්

covid19 quarantine PCR test travel restriction guid line
By Sewvandhi Jul 16, 2021 12:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මර්ධන එන්නත් දෙකම ලබා ගෙන විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ 07 වන දිනයේදී සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් ඔවුන්ව නිදහස් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

මේ අතර පුර්ණ කොවිඩ් එන්නත්කරණයකට ලක්වූ දෙමව්පියන් සමග පැමිණීමේදී නිවෙස් වෙත මුදාහරිනු ලබන වයස අවුරුදු 2-18ත් අතර පසුවන දරුවන් දින 07 කට පසුව PCR පරීක්ෂණයකට ලක් කළ යුතු අතර එම වාර්තාවේ ප්‍රථිපල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලබාදිය යුතු බවට නව නිර්දේශයක් එමගින් ලබාදී තිබෙනවා.

කොවිඩ් එන්නත් දෙකම ලබාගෙන විදේශ ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පළමු දිනයේ සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වීමෙන් පසු නිරෝධායනයට ලක් නොවී නිවෙස් වෙත යෑමට අවසරය හිමිවනවා.

ඔවුන් විදේශ ගතව පැමිණෙන එම පුද්ගලයින් ගුවන් යානයට ගොඩ වීමට පැය 72 කට පෙර සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු විමද විය යුතු වනවා.

මේ අතර දින 14ක කාලයක් ඉන්දියාව, දකුණු අමෙරිකාව, අප්‍රිකානු රටවල් වන දකුණු අප්‍රිකානු රටවල් ( දකුණු අප්‍රිකාව, ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසොතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ) රටවල සංචාරය කළ පුද්ගලයින්ට හෝ ඒම රටවල් හරහා පැමිණෙන පුද්ගලයින්ට යලි මෙරටට පැමිණීමට අවසරය ලබාදී තිබෙනවා.

ඒ සඳහා ඔවුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසරය ලබා ගත යුතු වනවා.

මෙම රටවල සිට පැමිණෙන පුද්ගලයින් දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වීමට සහ PCR පරීක්ෂණයන්ට ලක් කිරීම සිදුකළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now