වැඩි මිලට වික්කොත් දඩ වැඩි වෙන්නේ මෙහෙමයි

By Sewvandhi Sep 24, 2021 09:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට පසුගිය 22 දා එක්කල සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසු ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් වී තිබෙනවා.

ඒ අනුව පනතේ විසි වැනි වගන්ති යටතේ ගැසට් පත්‍රයක් මඟින් මිල නියාමනය කර ඇති භාණ්ඩ වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් නියම කළ හැකි දඩ මුදල් සංශෝධනය කර ඇත්තේ පහත දැක්වෙන අයුරින්.

ඒ අනුව තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වරදකරු බවට පත් වන අවස්ථාවක රුපියල් 1000.00 ලෙස තිබූ අවම දඩය රුපියල් ලක්ෂය (100,000.00) දක්වා වැඩි කර ඇති අතර පෞද්ගලික සමාගමක් වෙනුවෙන් පනවා තිබූ රුපියල් දස දස දහසක් (10,000.00) වන දඩය රුපියල් ලක්ෂ 5ක් දක්වා මෙම නව සංශෝධනය මඟින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව දැනට උපරිම සිල්ලර මිල පනවා ඇති සහල්, සීනි, පිටි, සිමෙන්ති ඇතුළු භාණ්ඩ වර්ග වැඩි මිලට අලෙවි කරනු ලැබ නඩු පැවරීමකින් පසු ව ඉහත කී දඩමුදල් අධිකරණය මඟින් පනවනු ඇති..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha