අද සිට ක්‍රියාත්මක අති විශේෂ ගැසට් නිවේදනයක්
By Sewvandhi
ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා එයට සම්බන්ධ ජල තීරයන්වල ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සියලුම සාමමාජිකයන් කැඳවමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අද (22දා) සිට ක්‍රියාත්මක වන පරිදියි. 2019 වසරේදී ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාමය පවත්වාගෙන යාම සඳහා මෙසේ සන්නද්ධ හමුදාව කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
එම ගැසට් නිවේදනය සෑම මසකම 22දා නිකුත් කරනු ලබන්නේ ඉදිරි මාසයක කාලයක් සඳහා බලපැවැත්වෙන අයුරින් වනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

