බ්‍රිතාන්‍ය විද්‍යාඥවරු අනාවරණය කළ අලුත් කොවිඩ් රෝග ලක්ෂණ

UK corona virus Covid 19 brtish
By Sithumi Jun 12, 2021 09:43 AM GMT
Sithumi

Sithumi

Report

හිසරදය, නාසයේ බරගතිය සහ උගුරේ අමාරුව දැන් සුලභව වාර්තා වී ඇති කෝවිඩ් රෝග ලක්ෂණ බව එක්සත් රාජධානියේ විද්‍යාඥවරු පිරිසක් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොචිඩ් වසංගතය ආරම්භයේ හඳුනා ගැනුණු මූලික ලක්ෂණ වුයේ ශරීර උෂ්ණත්වය වැඩි වීම , නොනවතින කැස්ස සහ රසය හා සුවඳ නැතිවීම යන්නයි නමුත් කොරෝනා වෛරස නිරීක්ෂණ ව්‍යාපෘතියක් පවත්වාගෙන යන ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ විද්‍යාඥයින් පවසන්නේ මෙම රෝගය දැන් වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වන බවයි.

විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මැයි මස මුල සිට වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙලෙස නව රෝග ලක්ෂණ බහුලව පෙන්වා ඇති බවයි. 

ප්‍රමුඛ පර්යේෂක මහාචාර්ය ටිම් ස්පෙක්ටර් පවසන්නේ කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් පවතින අය පවා කොවිඩ් පරීක්ෂණ සිදු කර ගැනීම අවශ්‍ය බවයි .