ජනතාවට සතොසෙන් ලැබෙන සුපිරි වාසිය මෙන්න..
සුපිරි සම්බා සහල් කිලෝ 10ක් ඇතුළු ව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රුපියල් 3998කට ලංකා සතොසෙන් ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අද පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, එවැනි සහන මලු ලක්ෂයක් දිවයින පුරා ලංකා සතොසෙන් ලබාගත හැකි බව යි ඔහු සඳහන් කළේ. මෙම සහන මල්ල තුළ පහත සඳහන් භාණ්ඩ ඇතුළත් වනවා.
සුපිරි සම්බා කිලෝ 10ක්
සුදු සීනි කිලෝවක්
රතු පරිප්පු කිලෝවක්
ඉඳිආප්ප පිටි කිලෝවක්
හාල්මැස්සන් ග්‍රෑම් 500ක්
නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්
මේස ලුණු ග්‍රෑම් 400ක්
පොල්ගෙඩි 2ක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්)
මිරිස් කුඩු ග්‍රෑම් 100ක්
ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්
තුනපහ කුඩු ග්‍රෑම් 100ක්
කහකුඩු ග්‍රෑම් 100ක්
STC තේකොළ ග්‍රෑම් 100ක්
ඇඟ ගල්වන සුවඳ සබන් ග්‍රෑම් 80 කැටයක්
සතොස සඳුන් සබන් කැටයක්
දෑත් සෝදන දියර මිලිලීටර් 100ක්
සෝයාමීට් ග්‍රෑම් 90ක් සතොස TFMඅගය සහිත රෙදි සෝදන සබන් කැටයක්
පපඩම් පැකට් 1ක්
ශල්‍ය මුහුණු ආවරණ 10ක්
ඉහත භාණ්ඩ ඇතුළත් මෙම සහන මල්ල රුපියල් 3998කට පාරිභෝගිකයා වෙත ලබා දීමට ලංකා සතොස අළෙවිසල් හරහා අද සිට පහසුකම් සලසා ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, ලංකා සතොස අළෙවිසල් නො මැති ප්‍රදේශවල ජනතාවට ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසට ම ගෙන්වා ගත හැකි බව යි අමාත්‍යවරයා අවසාන වශයෙන් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
