සුවය ලැබු කොවිඩ් රෝගීන්ට තවත් දරුණු භයානක රෝගයක්

covid19 India miucomycosis mansuk mandhavi brain infect
By Sewvandhi Jul 21, 2021 10:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කළු දිලීරය හේතුවෙන් ඉන්දියාවේ 4,300ක් පමණ මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසති.

එය වසංගතයක් බවට පත්වෙතැයි ඔවුන් අනතුරු අඟවයි. එරට සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මන්ධාවියා පැවසුවේ මේ වනවිට ඉන්දියාවේ එම දිලීරය ආසාදිතව රෝගී වූ 45,374 දෙනෙක් වාර්තා වී ඇති බවය.

මියුකෝමයිකෝසිස් නමින් හැඳින්වෙන එම රෝගය දුර්ලභ මෙන්ම භයානක බව වෛද්‍යවරු පවසති.

එම දිලීරය හේතුවෙන් නාසය, ඇස් සහ සමහරවිට මොළයේ ආසාදනයවීම් සිදුවන හඳුනාගෙන ඇත. කළු දිලීරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් බහුතරය සුවය ලබමින් සිටින කොවිඩ් ආසාදිතයින් බව වාර්තා වෙයි.

කොවිඩ් රෝගයෙන් සුවවී දින 10-12කට පසුව මෙම දිලීර ආසාදන තත්ත්වය ඇතිවන බව ට හඳුනාගෙන ඇත.

You may like this video-:




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now