ණය පමා සහන කාලය පිළිබඳ නව තීරණයක්..?
covid19
central bank
tourism
By Sewvandhi
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් පීඩාවට ලක් වූ මෙරට සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති ණය පමා සහන කාලසීමාව තවත් මාස 09කින් දීර්ඝ කිරීමට මහබැංකුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් 30 වැනිදායින් ඉකුත්වීමට නියමිත ව තිබූ එම කාලසීමාව ලබන වසරේ ජුනි මාසය දක්වා ක්‍රියාත්මක වනු ඇති. මීට පෙර ද සංචාරක ක්ෂේත්‍රයට ලබාදුන් ණය ආපසු ගෙවීමේ සහන කාලය මාස 06කින් දීර්ඝ කරනු ලැබුවා.
කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් මුහුණදෙන අභියෝග සැලකිල්ලට ගෙන මෙලෙස ණය පමා සහන කාලය යළි දීර්ඝ කළ බවයි මහබැංකුව ප්‍රකාශ කළේ. මීට අදාළ නියෝග මහ බැංකුව විසින් සියලු ම බලපත්‍රලාභී වානිජ බැංකු වෙත පසුගිය සතියේ යවා තිබෙනවා.
---------------------------------------------------
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |