අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශ‍යේ දොර අද විවෘත වේ

Report

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද (20) දින විවෘත කිරීමට නියමිතව ඇත.

ඒ අනුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති මෙම ඒකකය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පෙරවරුවේ විවෘත කිරීමට නියමිත බව සඳහන්.

මෙම නව කොට්ඨාශය පිහිටුවා ඇත්තේ 2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහායි. ඒ අනුව මෙම කොට්ඨාශයෙන් නීති විරෝධී ආකාරයට මුදල්, දේපළ සහ වත්කම් උපයා ගැනීමට විමර්ශනය කිරීම සිදු වේ.

මෙම කොට්ඨාශය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති අතර ඒ සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද පත් කර ඇත.

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය හෙට විවෘත වේ

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය හෙට විවෘත වේ

එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා වසර 03ක කාලයකට මෙම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කර තිබෙන අතර එම පත්වීම ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට යටත්ව සිදු කර තිබෙනවා.

එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ක්‍රියා කරන්නේ ද අසංග කරවිට මහතා බව සඳහන්.

පනත මගින් නීත්‍යානුකූලව දැනුම් දී ඇත්තේ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය මගින් රාජ්‍ය ආයතන 34කට අදාළව සිදු කරනු ලබන විමර්ශනවලට සහය පළ කළ යුතු බවටයි.

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

තවද ඕනෑම ආකාරයකින් සිදුකර ඇති වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නීත්‍යානූකූලව මෙම කොට්ඨාශයට බලය හිමි වේ.

එසේම අපරාධමය නොවන වත්කම් ඉපැයීම් පිළිබඳව සිවිල් නඩු පැවරීමේ හැකියාව ද පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඊට අමතරව මහජනතාවට ද මෙම කොට්ඨාශය සඳහා සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන අතර නීත්‍යානුකූල නොවන ආකාරයට උපයා ගත් දේපළ දින 30ක කාලයකට තහනම් කිරීමට හෝ පවරා ගැනීමට ද බලය හිමිව ඇති බව සඳහන්.

ආයේ ඩොක්ටලා ඕනි නෑ විශේෂ ලෙඩක් ෆෝන් එකෙන්ම චෙක් කරගන්න මෙන්න අලුත් ඇප් එකක්

ආයේ ඩොක්ටලා ඕනි නෑ විශේෂ ලෙඩක් ෆෝන් එකෙන්ම චෙක් කරගන්න මෙන්න අලුත් ඇප් එකක්