ලඟදීම නවීන බස් සේවාවක්..බස් එකට ගාස්තු ගෙවන්න ඕන ඇප් එකෙන්..

Sri Lanka
By Aruna Oct 28, 2022 06:18 AM GMT
Aruna

Aruna

Report

පොදු ප්‍රවාහනය නංවාලීමේ අරමුණින් කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කෙරෙන අතිනවීන බස්රථ සේවාවක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පෞද්ගලික තාක්ෂණ කණ්ඩායමක් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණි.

කොළඹ Trace City හි පැවති මෙම සාකච්ඡාවේ දී Gaman by Trace ජංගම දුරකතන යෙදුම හරහා ක්‍රියාවට නැංවෙන මෙම පොදු ප්‍රවාහන සේවාව පිළිබඳ හඳුන්වාදීමක් සිදුකර තිබේ.

කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, ටවුන්හෝල් ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මර්මස්ථාන බොහොමයක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති අතර අදාළ ගමන් මාර්ගය කිලෝමීටර 16 ක දුරකින් යුතුවේ.

මෙහි ඇති විශේෂත්වය නම් බස් රථයට ගොඩවී කොපමණ දුරක් ගිය ද ගෙවිය යුත්තේ රු. 200 ක ස්ථාවර ගාස්තුවක් පමණක් වීමයි.

ගාස්තු ගෙවීම ජංගම දුරකතන යෙදුම හරහා සිදුවනු ඇත. එබැවින් මෙම බස් රථවල තවත් විශේෂත්වයක් වන්නේ ඒවායෙහි කොන්දස්තරවරයෙකු නොමැති වීමයි.

මෙම සාකච්ඡාව සඳහා කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක ද එක්වී සිටියාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now