පරන්තන් - මුලතිව් නන්දිකඩාල් වට්ටුවාකල් අලුත් පාලම ඉදි කෙරේ

Jaffna Anura Kumara Dissanayaka Latest Headlines Sinhala news gagana news
By Shehan Sep 03, 2025 05:48 AM GMT
Shehan

Shehan

Report

ආර්ථික ශක්‍යතා හඳුනාගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යාම වත්මන් රජයේ අරමුණ බවත්, ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීම වෙනුවෙන් තම පාලන කාලය තුළ කැප වී කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඊයේ (2) දින ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙම සැප්තැම්බර් මාසයේදී රට පුරා නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, සංවර්ධන ව්‍යාපෘති අවසන් කළ යුතු දිනට අවසන් නොකිරීමේ සහ ඇස්මේන්තු කළ මුදලට වඩා වැඩි මුදලක් වැය කිරීමේ පැරණි සම්ප්‍රදාය අවසන් කරමින් සියලු සංවර්ධන ව්‍යාපෘති නිසි කලට නිම කර, එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට රජය කැප වී සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

පරන්තන් – කරච්චි – මුලතිව් මාර්ගයේ නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පිහිටා ඇති වට්ටුවාකල් පාලම මතින් දිනකට වාහන 3000කට වඩා ගමන් කරන අතර දීර්ඝ කාලයක් තිස්සේ පාලම අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක් මතු ව තිබේ. ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ එය මංතීරු 2කින් යුත් නව පාලමක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන අතර, රුපියල් බිලියන 1.4ක ජනතා බදු මුදල් යොදා ගනිමින් ක්‍රියාත්මක ව්‍යාපෘතිය, 2027 සැප්තැම්බර් 02 වන දින අවසන් කිරීමට නියමිත ය.‍

මෙහිදී අදහස් දැක් වූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ රුපියල් බිලියන 1.8ක වියදමින් ඉදිකිරීමට ඇස්තමේන්තුගත කර තිබූ මෙම ව්‍යාපෘතිය වත්මන් රජයේ අදූෂිත පාලනය හේතුවෙන් රුපියල් බිලියන 1.4ක වියදමින් ඉදිකිරීමට අදාළ සමාගම එකඟතාව පළ කර තිබෙන බවයි. ඉතිරි මිලියන 400 වන්නි දිස්ත්‍රික්කයේ මහා මාර්ග සංවර්ධනය වෙනුවෙන් යොදවන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මේ වසරේ උතුරේ පාලම් සහ මහාමාර්ග ඉදිකිරීම වෙනුවෙන් රුපියල් බිලියන 12.5ක් වෙන් කර ඇති බවත්, ලබන වසරේ එම ප්‍රතිපාදන තවත් ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

ඉරිදා දින උදෑසන උපකාර පන්ති පවත්වෙන්න තහනම්

ඉරිදා දින උදෑසන උපකාර පන්ති පවත්වෙන්න තහනම්

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මුලතිව්-පරන්තන් මාර්ගය ඔස්සේ පිහිටා ඇති වඩ්ඩුවාකල් පාලම දෙමළ ජනතාවට ගැඹුරු හා වේදනාකාරී අත්දැකීම් සිහිපත් කරන්නකි. 1950 ගණන්වල ඉදිකරන ලද මෙම මීටර් 440 ක පාලම දිගු කලක් මුලතිව් නගරයට තීරණාත්මක මාර්ගයක් ලෙස භාවිතා කර ඇති අතර 2009 මුල්ලිවයික්කාල් ජන සංහාරයේ අවසාන අදියරේදී අතිශය ඛේදවාචකයක ස්ථානයක් බවට පත්විය. රජයේ හමුදා ඉතිරි දෙමළ සිවිල් ජනතාව වටලා සිටියදී, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නන්දිකඩාල් කලපුව හරහා වඩ්ඩුවාකල් දෙසට පලා යාමට උත්සාහ කළේ දැඩි ආරක්ෂාව පතා ය. මුල්ලිවයික්කාල්හි ජන සංහාරයේදී මියගිය අයගේ සිරුරුවලින් එම ප්‍රදේශය පිරී ගිය අතර, බොහෝ දෙනෙක් කලපුවේ ජලයේම මිය ගියහ.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව, ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන M/s RR Construction (Pvt) Limited වෙත පාලම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.

මහින්ද රාජපක්ෂ දේහය කරතබාගෙන යාම හැර කිසිදු විකල්පයක් නැති නාමල් රාජපක්ෂ වැන්නවුන් තවමත් යුධවාදී දෘෂ්ටිවාදය අවසන් නැති පවසමින් තිබේ. ඒ සඳහා නැවත මිලේච්ඡත්වය ආගම කරගත් සිවුරු රඳවන කිහිපයක් සුදානම් කරගෙන තිබේ. මීළඟ ජනාධිපතිවරණයේදී නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියවෙන්නේ මෙය පදනම් කරගෙනය. දමිළ තැනින් මුස්ලිම් ජනතාව වෙත ගෙන ගිය ජාතිවාදී ව්‍යාපෘති නැවත දමිළ ජනතාව වෙත එල්ල වෙමින් තිබේ. ඒ සඳහා යොදාගන්නා එකම උපකරණය යුද්ධයයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

වත්මන් ආණ්ඩුවද පාලම් හැදූ පමණින් ජාතික ගැටලුව සම්බන්ධයෙන්, උතරු නැගෙනහිර ඉඩම් සම්බන්ධ ගැටලුවට, ජනාධිපති උතුරට යන ගමන් පහුකරගෙන ගිය චෙම්මනි, අතුරුදන් වුවන් සම්බන්ධ ප්‍රශ්න වලට නොලැබෙන බවද සිතිය යුතුය.   

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්