දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩබලන සාමාන්‍යාධිකාරිවරයෙක්.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Hashini
දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයා ලෙස අතිරේක සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර පත්කර තිබෙනවා.
එය ලබන මස 03වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ විසින් ලිඛිතව මේ බව දැනුම් දී තිබෙනවා.
බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය ලබන 28 වනදා සිට යළි ධාවනය කරන බවයි.
මෙම සංචාරක දුම්රිය පෙර පරිදිම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි ධාවනය වන අතර,ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සහ දුම්රිය ස්ථාන මඟින් සිදු කර ගත හැකි බව සංචාරක මණ්ඩලය පවසනවා.
