ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර ගැටුම නිමා කරන බවට නෙතන්යාහු කියයි

Report

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි ඛමෙනි ඝාතනය කිරීමෙන් ඉරාන-ඊශ්‍රායල ගැටුම අවසන් වන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.

ඉරානයේ උත්තරීතර නායකයා ඉලක්ක කර ගැනීමෙන් ගැටුම උත්සන්න නොවන බවත්, එය ගැටුම අවසන් කිරීමේ දිශාවට ගමන් කරන බවත් ඔහු සඳහන් කළේය.

ටෙහෙරාන් අගනුවරින් ඉවත් වන්න - ට්‍රම්ප් දැනුම් දෙයි

ටෙහෙරාන් අගනුවරින් ඉවත් වන්න - ට්‍රම්ප් දැනුම් දෙයි

ABC ප්‍රවෘත්ති සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, එවැනි ක්‍රියාමාර්ගයක් සලකා බලනවාදැයි නෙතන්යාහුගෙන් කෙලින්ම විමසූ විට, ඔහු පිළිතුරු දුන්නේ ඊශ්‍රායලය “අප කළ යුතු දේ කරමින් සිටින” බවයි.

මැදපෙරදිග ගැටුම බර වෙයි – බොරතෙල් ගණන් හෙමින් හෙමින් රිංගයි

මැදපෙරදිග ගැටුම බර වෙයි – බොරතෙල් ගණන් හෙමින් හෙමින් රිංගයි

“මැදපෙරදිග සිටින සියල්ලන් බියට පත් කරන මෙම පාලන තන්ත්‍රය අඩ සියවසකට වැඩි කාලයක් ගැටුම් පතුරුවා ඇත. ‘සදාකාලික යුද්ධය’ ඉරානයට අවශ්‍ය දෙයකි. ඔවුන් අපව න්‍යෂ්ටික යුද්ධයක ආසන්නයට ගෙන එමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායලය මෙය වැළැක්වීමට කටයුතු කරනවා. මෙම ආක්‍රමණය අවසන් කිරීමට නම්, අපට කළ හැක්කේ නපුරු බලවේගයන්ට එරෙහිව නැගී සිටීම පමණයි,” ඔහු පැවසීය.

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ මාධ්‍යවේදීන් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ මාධ්‍යවේදීන් මරුට