බිහිසුණු අනතුරක් - නේපාලයේ බස් රථයක් ප්‍රපාතයකින් පෙරළෙයි - 13ක් මරුට - 34ක් රෝහලේ
By Ashfa
බස් රථයක් නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ විවාහ උත්සවයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි වාහනයක් කඳුකර මාර්ගයකින් පහළට පෙරළීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇත.
වින්දිතයන් ප්‍රදේශයේ රෝහල් වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගෙන ඇති අතර දුෂ්කර භූමි මහාමාර්ග හේතුවෙන් සහන සේවා කටයුතු සඳහා දැඩි බාධා එල්ල වී ඇත.
මගේ දරුවගේ කනට ගහලා ඔළුව මේසේ තද කරලා වැලමිටෙන් කොන්දට ගහලා - දරුවට බයට මුත්‍රා පිටවෙලා - පාසලේ සිසුවියට සිදු වූ පහරදීමක් හෙළි වේ
මෙම අනතුර සිදුවන අවස්ථාවේ විවාහ මංගල්‍යයේ මනාලිය හා මනාලයා බස් රථයේ ගමන් කර නොතිබුණු අතර අනතුරට හේතුව තවමත් හෙළි වී නැත.
මෙම අනතුරින් අනතුරුව ප්‍රදේශයේ ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, නේපාලයේ දුරස්ථ කඳුකර මාර්ගවල පවතින අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය පිළිබඳව නැවත වරක් දැඩි අවධානයක් යොමු වී ඇත.
බලධාරීන් දැනටමත් මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව තොරතුරු වාර්තා වේ.