මගේ දරුවගේ කනට ගහලා ඔළුව මේසේ තද කරලා වැලමිටෙන් කොන්දට ගහලා - දරුවට බයට මුත්‍රා පිටවෙලා - පාසලේ සිසුවියට සිදු වූ පහරදීමක් හෙළි වේ [PHOTOS]

Report

ඊයේ (05) නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් නානුඔය නගරයේ ක්‍රියාත්මක වන ජනප්‍රිය පාසලක ගුරුවරයෙකු සිසුවියකට පහරදීමෙන් පීඩාවට පත් වූ සිසුවිය නානුඔය ප්‍රාථමික රෝහලේ ප්‍රතිකාර ලබා නිවසට පැමිණ තිබේ.

08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියට ගුරුවරයා විසින් පහර දී ඇති අතර, එම සිසුවියට අභ්‍යන්තර හා බාහිර තුවාල සිදුවී ඇති අතර අධික වේදනාව සහ කම්පනය හේතුවෙන් ඇයට ඉබේම මුත්‍රා පිටවීමක් ද සිදුව ඇති බව වාර්තා වේ.

මත්පැන් මිල අඩු කිරීම ගැන මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයෙන් නිවේදනයක්

මත්පැන් මිල අඩු කිරීම ගැන මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයෙන් නිවේදනයක්

ඇයගේ කම්මුල් සහ කන ප්‍රදේශයට දැඩි ලෙස පහර දී, අනතුරුව සිසුවියගේ හිස මේසයක් මත තබා තද කර ගුරුවරයාගේ වැලමිටෙන් ඇයගේ කොන්ද ප්‍රදේශයට පහර දී තිබෙන බවද වාර්තා වේ.

මෙම සිදුවීම ගුරු සේවයට විශාල කැළඹීමක් ඇති කර ඇති අතර අදාළ සිදුවීම පිළිබදව මේ වනවිට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

බිහිසුණු අනතුරක් - පාසල් සිසුවියක් ලොරි රථයේ හැපෙයි

බිහිසුණු අනතුරක් - පාසල් සිසුවියක් ලොරි රථයේ හැපෙයි

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්

GalleryGallery