තිරයේ සහ සැබෑ ජීවිතයේ අපේ ගැලපීම මැජික් එකක් වගේ – මේනක ගැන නෙහාරා තැබූ සටහන (PHOTOS)
ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණු මුතු කිරිල්ලී ටෙලි නාට්‍යය ඔබට මතකද? ඒ නාට්‍යයේ සමාධිගේ චරිතය බොහෝ දෙනා ආදරයෙන් වැළඳ ගත්ත චරිතයක්… එම චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නෙහාරා පීරිස්. ඇය අද වන විට ආදරණීය මවක් වෙනවා.
පුළුල් බෝලයක් වගේ පුංචි දුවක් ගේ අම්මා කෙනෙක් වන්නටත් ඇයට හැකියාවක් ලැබිලා තියෙනවා. ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන මේනක රාජපක්ෂ සමඟ තමයි ඇය විවාහ වෙන්නේ. මේ ඇය ගේ දෙවැනි විවාහය. ඇය පලවෙනි වතාවට විවාහ වෙන්න ඇයට වයස අවුරුදු දහ නවයක් පමණ වන විට. ඉතින් ඒ කාලෙදි තිබෙන නොදැනුවත්කම සහ ආදරයට මුලා වීම කියන සාධක මත ඇය එම විවාහයෙන් පසු කාලීනව වෙන් වෙනවා.
කුඩා කාලයේ පටන් ම බොහෝ දෙනාගේ ආදරය රැකවරණය මධ්‍යයේ හැදුනු ඇයට නිවසේ අයගේ බලවත් විරෝධය මැද තමයි පෙර විවාහය සිදු කරගෙන තිබෙන්නේ.
කොහොම වුණත් එම විවාහයෙන් ඉවත් වෙලා ඇය අද වන විට මේනක සහ පුංචි දියණිය සමග සතුටින් ජීවත්වන බව අපි කොයි කාටත් දකින්නට තිබෙනවා. මොකද සමාජ මාධ්‍ය ජාලාවල බොහෝවිට ඔවුන්ගේ තොරතුරු රසිකයන් සමඟ බෙදා හදා ගන්නටත් පෙළඹෙනවා .
ඔවුන් දෙපළගේ පුංචි දියණිය තමයි මෙයිලි කියන්නේ. ඉතින් ඇයගේ සුරතල් වැඩත් නෙහාරා බොහෝ විට සමාජ මාධ්‍ය වලට එකතු කරනවා. ඉතින් පසුගිය දවසක නෙහාරා ඇයගේ සැමියා වන මේනකත් සමග ඡායාරූපයකට මුහුණ දෙමින් මුහුණුපොතේ සදහනක් සමඟ ඡායාරූපය උඩුගත කර තිබුණා ඒ මෙසේයි.,
“මම හැම මොහොතකම මෙම සහාය නළුවා සමඟ වැඩ කරන්න කැමතියි. තිරයේ සහ සැබෑ ජීවිතයේ අපේ ගැලපීම මැජික් එකක් වගේ.” ඉතින් අන්න ඒ විදිහට තමයි ඇය ඇගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුමේ සදහනක් කරලා තිබුණේ.
ඉතින් ඇය කඩවසම් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සහ දියණිය සමඟ බොහොම ආදරයෙන් සිටින බව තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ.
ඉතින් කොහොම වුණත් ඔවුන් දෙපළගේ රංගන කටයුතුත් එක්ක පවුල් ජීවිතේ කටයුතු සාර්ථකව කරගන්නට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා එකතු කරනවා. ඒත් එක්කම ප්‍රේක්ෂකයන් ලෙස ඔවුන් දෙපළ නිර්මාණ තුළින් දැක බලා ගැනීමේ ආසාව තිබෙන බව සඳහන් කරනවා.