උපන්දිනය දා කේක් කැපූ පිහියෙන්ම ඝාතනය වූ නව්‍යාගේ අවාසනාවන්ත ඉරණම..

By Sithumi Apr 23, 2023 05:21 PM GMT
Sithumi

Sithumi

Report

පෙම්වතියගේ උපන්දින කෙක් ගෙඩිය කැපූ පිහියෙන්ම පෙම්වතා විසින් ඇගේ ගෙල කපා ඝාතනය කළ සංවේදී පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වනවා.

පෙරේදා (21) එම ඝාතනය සිදුවී ඇති අතර පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සිය පෙම්වතියට වෙනත් සම්බන්ධතාවයක් තිබෙන බවට මතු වූ සැකය මත ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව පෙම්වතා විසින් මෙලෙස ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති බවයි.

වසර 6ක පුරා මොවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස සිට ඇති බවත් මොවුන්ගේ පවුල් අතර ඥාතිත්වයක් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඝාතනය සිදුකළ ප්‍රශාන්ත් පෞද්ගලික ආයතනයක සේවය කරන අතර ඔහුගේ පෙම්වතිය වන නව්‍යා පොලිස් සහායිකාවක් ලෙස සේවය කර ඇති අතර සිය පෙම්වතියට වෙනත් සබඳතාවයක් තිබෙන බවට ඇති වූ සැකයත් සමග දෙදෙනා අතර නිරන්තර ආරවුල් ඇති වී ඇති බවද හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය 21 වනදා නව්‍යාගේ උපන්දිනය යෙදී තිබීම හේතුවෙන් මොවුන් දෙදෙනා එකතු වී එය සමරා තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව ප්‍රශාන්ත් විසින් නව්‍යා ට කෙක් කැපූ පිහියෙන් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වනවා.