ඌරුවරිගේ වන්නිල ඇත්තෝ මේ විනාසෙට හේතුව හෙළි කරයි

Report

නොසැලකිලිමත් සංවර්ධන ව්‍යාපෘති සහ ස්වභාවධර්මයට පටහැනි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වත්මන් ස්වභාවික විපත් නිර්මාණය වී ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසා ඇත.

ස්වභාවධර්මය පාලනය කිරීමට මිනිසා උත්සාහ නොකළ යුතු බවත් වසර දහස් ගණනක් මහ වනාන්තරවලින් වැසුණු කඳු පන්ති අවිධිමත් සංවර්ධන කටයුතු නිසා විනාශ කිරීම මෑතකදී ඇති වූ නායයෑම්, ගල් පෙරළීම් සහ ගංවතුර මෙහි සෘජු ප්‍රතිඵල බවත් ඌරුවරිගේ වන්නිල ඇත්තෝ කොළඹදී මාධ්‍ය වෙත පවසා ඇත.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

ඔහු වැඩිදුරටත් පැවසුවේ වසර දහස් ගණනක් මහ වනාන්තරවලින් වැසුණු කඳු පන්ති අවිධිමත් සංවර්ධන කටයුතු නිසා විනාශ කර ඇති බවත්, මෑතකදී ඇති වූ නායයෑම්, ගල් පෙරළීම් සහ ගංවතුර මෙහි සෘජු ප්‍රතිඵල බවයි.

මිනිසා ස්වභාවධර්මයට කළ විනාශයට සොබාදහම ඉතා දරුණු ලෙස ප්‍රතිචාර දක්වා ඇති බවත් ස්වභාවධර්මයේ මිතුරන් මෙන්ම සතුරන් යන දෙපිරිසටම එක හා සමානව දුක් විඳීමට සිදුව ඇති බවත් ඔහු පවසයි.

අසල්වැසියාට භූමිකම්පාවක් - රටම අනතුරේ

අසල්වැසියාට භූමිකම්පාවක් - රටම අනතුරේ

ආදිවාසී ජනතාව ජීවත් වන ප්‍රදේශවලට සෘජු හානි සිදු නොවූවත්, ආපදා තත්ත්වය නිසා සංචාරකයින්ගේ පැමිණීම නතර වී ඇති බවත් මේ හේතුවෙන් සංචාරක කර්මාන්තය මත යැපෙන ආදිවාසී පවුල් 100කට අධික ප්‍රමාණයක් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.