හෙට 9.25 සිට දිවයින පුරා විශේෂ වැඩක්

By Kaushi Dec 25, 2025 08:21 AM GMT
Report

මෙවර " ජාතික සුරක්ෂිත දිනය " ප්‍රධාන සැමරුම් උත්සවය හෙට (26) දින ගාල්ල " පැරෑලිය සුනාමි ස්මාරකය" අභියසදී පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා හෙට දිවයින පුරා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නියමිතයි.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇත.

පැයට කිලෝමීටර 100 ක වේගෙන් එන සුළි කුණාටුවක් - කීලිං පදිංචිකරුවන්ට අද නිවෙස්වලම ඉන්නයි දැනුම්දෙයි

පැයට කිලෝමීටර 100 ක වේගෙන් එන සුළි කුණාටුවක් - කීලිං පදිංචිකරුවන්ට අද නිවෙස්වලම ඉන්නයි දැනුම්දෙයි

එසේම බිලියන ගණනක් වටිනා දේපළ ද විනාශ විය. එබැවින් 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින " ජාතික සුරක්ෂිත දිනය" වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදා නිසා රටේ මියගිය සියලු දෙනා සිහිපත් කරමින් 2005 වසරේ සිට 2014 වසර තෙක් අඛණ්ඩව ජාතික උත්සවයක් වශයෙන් දේශපාලන නායකත්වයේ ද සහභාගිත්වයෙන් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය, ජනතා සහභාගිත්වයෙන් සිදු කර‍යි.

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්