කොවිඩ් වසංගතය හමුවේ ආනයන අපනයන ක්‍රියාවලිය කඩිනම් කිරීම (VIDEO)

covid19 export import nalam rajapaksha custom department
By Sewvandhi Jun 18, 2021 10:24 AM GMT
Report

අපනයන ව්‍යාපාරවල නියුතු ආයෝජකයින්ගේ ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් සංවර්ධන හා ව්‍යවසාය කටයුතු රාජ්‍ය අමාත්‍ය,ගම සමග පිළිසදරක් ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා රේගුව මගින් භාණ්ඩ නිදහස් කිරීමට පෙර අනුමත සහතික ලබා ගත යුතු ආයතන වල ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඊයේ (17) පැවති සාකච්ඡාව මෙහෙයවමින් එතුමා මේ බව සඳහන් කළේය.

You may like this video


වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා සඳහන් කළේ කොවිඩ් වසංගත තත්වය සමග ආනයන අපනයන ක්‍රියාවලිය කඩිනම් කිරීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ක්‍රමවේද වලට යා යුතු බවයි.

අරලියගහ මන්දිරයේ පැවැති එම සාකච්ඡාවේ මාධ්‍ය නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery