පොලිස්පතිවරයාට ලැජ්ජා නැද්ද? නාමල්ගෙන් පොලිස්පතිට බරපතළ චෝදනාවක්
තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා ආණ්ඩුවට කඩේ යන්න පොලිස්පතිවරයාට ලැජ්ජා නැද්ද? යනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විමසයි.
ඒ අනුව ඔහු සඳහන් කළේ වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ පොලිස්පතිවරයා ලෙස බවයි.
ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පොලිස් නිලධාරියකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින්.
එසේම නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි ක්‍රියා හරහා පොලිස් නිලධාරීන් ස්වාධීනව තම රාජකාරි ඉටු කිරීමට පසුබට වන බවයි.
තවද වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය දෙස බලන විට සිස්ටම් එක හොඳටම චේන්ජ් වී ඇති බව පෙනෙන්නට ඇතැයි පැවසූ ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එදා චෝදනා කළ වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු අද ගංජා වගා කරන තැනට පත්ව ඇති බවත් සඳහන් කළා.
මේ අතර මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට සම්බන්ධ ගංජා වගාවක් වැටලු පොලිස් නිලධාරීන් විවිධ තාඩන පීඩන වලට ලක් කර ඇති බව පවසන නාමල් රාජපක්ෂ මහතා ගංජා වැටලු එක් නිලධාරියෙක් ස්ථාන මාරුකර අනෙක් නිලධාරියාට මහමඟදී අදාළ මන්ත්‍රීවරයා පහර දී ඇති බව හෙළි කළා.
එමෙන්ම හිටපු කථානායක අශෝක රන්වල සිදු කළ රිය අනතුරේදී ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් නොපවත්වා දේශපාලන බලය යොදවා එය යටගැසීමට උත්සාහ කළ ආණ්ඩුව ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවට ද චෝදනා කරයි.
ඒ අනුව ඔහු වැඩිදුරටත් පැවසුවේ ගංජා හේන වැටලූ පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් විට ඒ මන්ත්‍රීවරයාම පැමිණ පොලිස් නිලධාරියාට පහර දෙන විට පොලිස්පතිවරයා කිසිදු ලජ්ජාවකින් තොරව මාලිමාවේ පොලිස්පතිවරයෙක් වශයෙන් හැසිරෙන බවයි.