මාරක පිපිරීමකින් 55ක් මරුට - ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන්තාවක්
By Aylin Zoya
මියන්මාරයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක පිහිටි ගම්මානයක සිදු වූ ප්‍රබල පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.
වාර්තා අනුව, මියගිය පිරිස අතර කාන්තාවන් 25 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු සිටින බව අනාවරණය වී ඇත. පතල් කැණීම් කටයුතු සඳහා භාවිත කරන පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිතව මෙම අනතුර සිදුව ඇති බවට සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම පිපිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව අතර දැඩි භීතියක් සහ නොසන්සුන්තාවක් හටගෙන ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.