ආදායම් වාර්තා බිද දැමූ ''මෝඩ තරිදු '' චිත්‍රපටය '' මුට්ටාල් තරිදු ''ලෙසින් අද සිට තිරයට
දෙමළ බසින් හඩ කවන ලද “මෝඩ තරිඳු” චිත්‍රපටය අද (27) සිට '' මුට්ටාල් තරිදු '' ලෙසින් දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතව ඇත.
මෙය නම් කර ඇත්තේ “මුට්ටාල් තරිඳු” (Muttal Tharindu) යන නමින් වේ.
ඒ අනුව ශ්‍රී ලාංකීය දමිළ ප්‍රේක්ෂකාගාරයට මේ හරහා චිත්‍රපටය වඩාත් හොඳින් රස විඳීමට අවස්ථාව උදා වනු ඇත.
එය සුවිශේෂී අවස්තාවක් වේ .
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ තිසර ඉඹුලාන නම් දක්ෂ අධ්‍යක්ෂකවරයා වේ .
ඒ අනුව ඔහුගේ “මෝඩ තරිඳු” සිංහල චිත්‍රපටය (තවමත් තිරගත වෙමින්) අතිශය ඉහළ ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිකරගත් සිනමා නිර්මාණයකි .
හාස්‍ය රසයට කැමති ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් ඒකාරාශී විය.
තවද ආදායම් වාර්තා වලට අනුව ලාංකීය සිනමාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටි අතරට මෙම චිත්‍රපටය එක්විය මෙම සිනමා පටය සදහා දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් දායකත්වය දැක්විය.
ඒ අනුව සුර්යා දයාරුවන්, කෞශල්‍යයා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, ශනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ, ශාක්‍ය ශ්‍රීවර්ධන. ඇතුළු රංගන ශිල්පීන් මෙම සිනමා නිර්මාණය රංගනයෙන් හැඩ කර තිබේ .
පහතින් දැක්වෙන්නේ “මුට්ටාල් තරිඳු” චිත්‍රපටය පළමු සතිය තුළ (පෙබ. 27 -මාර්තු 05) තිරගත වන සිනමා ශාලා පිළිබඳ විස්තර සටහනයි.
