මිරිස් කුඩු ඉස කඩු වලින් පහර දෙයි..ඉඩමක් අතිශය දරුණු ලෙස ජීවිත දෙකක් බිළිගත් හැටි... ජීවිත දෙකක් බිලිගත් ඉඩම..

Sri Lanka Police Investigation Crime Murder Latest Headlines
By Sewvandhi Oct 13, 2024 10:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පුද්ගලයින් දෙදෙනෙකුව ඉඩම් ආරවුලක් මත වවුනියාව ඕමන්තේ පූවරසන්කුලම ප්‍රදේශයේ දී කඩුවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

වාර්තා වන්නේ, මාමා කෙනෙකු හා බෑනා කෙනෙකු ඔවුන්ට අයත් බව කියන ඉඩමක් එළි පෙහෙලි කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි තවත් පවුලක පිරිසක් ඉඩමේ අයිතිය ඔවුන්ගේ බව ප්‍රකාශ කොට ඇති බවයි.

මේ අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර බහින් බස් වීමක් සිදුව ඇති අතර අවට ජනතාව එම තත්ත්වය මග හරවා ඉඩමට අයිතිවාසිකම් කී දෙපිරිසම එම ස්ථානයෙන් ඉවත් කොට තිබෙනවා.

වාර්තා වන්නේ එම සිදුවීමට ස්වල්ප වේලාවකින් පසුව දෙවනුව ඉඩමට අයිතිවාසිකම් කී පිරිස තවත් කීප දෙනෙකු සමග පැමිණ මාමාට හා බෑනාට මිරිස් කුඩු ඉස කඩු වලින් කපා කොටා පහර දෙන්නට පටන් ගෙන ඇති බවයි.

මේ සිද්ධියෙන් මාමා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල ලෙස තුවාල ලැබූ බෑනාව වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.

මෙම ඝාතනයන් සම්බන්ධයෙන් මේ වන විට ඕමන්ත පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.