සුරූපී තරුණ ගුරුවරිය ඝාතනය කළ ආකාරය ගැන අමුතුම අනාවරණයක්..ගුරුවරිය ඔන්ලින් කරමින් සිටි දේකුත් හසුවෙයි.(PHOTOS)

Police spokesman Death Murder
By Aruna Feb 02, 2025 06:21 AM GMT
Aruna

Aruna

Report

කඹුරුපිටිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව මුළු රටම කම්පාවට පත්ව සිටිනවා

ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි භාෂා ගුරුවරියක වූ සමාධි අයේෂා ගමගේ (33) තම 33 වන උපන් දිනයේදීම ඝාතනයට ලක්වූයේ පවුලේම සාමාජිකයන් අතින් බවට සැක කෙරෙන තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනවාරි 30 වන දින රාත්‍රියේ සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය ගුරුවරියගේ වැඩිමහල් සහෝදරයා සහ මව යන දෙදෙනාම දැනට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

කෙසේ වෙතත්, සිද්ධිය වඩාත් සංකීර්ණ වන්නේ සිය දියණිය තමන් විසින් ඝාතනය කළ බවට සඳහන් කරමින් මව විසින් ලියන ලද ලිපියක් සිද්ධිය වූ ස්ථානයෙන් සොයා ගැනීමත් සමඟයි.

දික්වැල්ල විජිත විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කළ අවිවාහක පාසල් ගුරුවරිය සමාධි අයේෂා , කඹුරුපිටිය නගර මධ්‍යයේ පිහිටි තම නිවසේ කොටසක උසස් අධ්‍යාපන ආයතනයක්ද පවත්වාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

අඩු මිලට වාහනයක් මිලදී ගැනීම ගැන ආනයනකරුවන් ගෙන් ප්‍රකාශයක්..

අඩු මිලට වාහනයක් මිලදී ගැනීම ගැන ආනයනකරුවන් ගෙන් ප්‍රකාශයක්..


ඇය දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින දරු දැරියන් දහස් ගණනකට මාර්ගගත ක්‍රමයටද ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඈත.

ඝාතනය සිදුව ඇත්තේ පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් එල්ල කරන ලද ප්‍රහාරයකින් බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට යොදා ගත් පිහිය සාලයේ පුටුවක් මත තිබී හමුවී ඇති අතර, මෙම සිද්ධියට පසුබිම් වූයේ පවුලේ දේපළ ආරවුලක් බවට පොලිසිය සැක කරනු ලබයි.

සිද්ධිය වූ නිවසේ ගොඩනැගිල්ලේ කොටසක මියගිය ගුරුවරියගේ වැඩිමහල් සහෝදරයා තේ කඩයක් පවත්වාගෙන ගොස් ඇති අතර, මෑතකදී ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා ගුරුවරිය විසින් කොන්ත්‍රාත් සමාගම් කිහිපයකින් මිල ගණන් කැඳවා තිබූ බවත්, ඊට සහෝදරයා විරුද්ධ වී ඇති බවටත් තොරතුරු අනාවරණය වෙයි.

අත්අඩංගුවට ගත් සහෝදරයාගේ ගෙලෙහි නියපොතු පහරවල් කිහිපයක් දක්නට ලැබී ඇති බවයි, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන පොලිසිය පවසන්නේ.

එමෙන්ම, සිද්ධිය වූ ස්ථානය අසලින් හමු වූ ලේ තැවරුණු ලිපියෙහි සඳහන්ව ඇත්තේ තමන් විසින් සිය දියණිය ඝාතනය කළ බවත්, වසර 14ක් තිස්සේ දේපළ ඉල්ලා දියණිය තමන්ට කරදර කළ බවත්, ඝාතනය සිදු වූ දින තම ගෙල මිරිකීමට දියණිය පැමිණි නිසා ඇය ඝාතනය කළ බවයි.

අසල්වැසියන් ලබාදුන් තොරතුරකට අනුව එම නිවසට පැමිණි පොලිස් නිලධාරීන් ඝාතනයට ලක්ව සිටි ගුරුවරියගේ සිරුර සාලයේ එක තැනකත්, සිහිසුන් වී වැටී සිටි මව සාලයේ තවත් තැනකත් සිටිනු දැක ඇත.

74 හැවිරිදි මව ඖෂධ අධිමාත්‍රාවක් පානය කර සිහිසුන්ව වැටී සිටියදී හමු වී ඇති අතර, ඇය දැනට කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මින් පස්සෙ හමුදාවට යන්න ලේසි පහසු නෑ..මේ සුදුසුකම් තියෙන්න ඕන.

මින් පස්සෙ හමුදාවට යන්න ලේසි පහසු නෑ..මේ සුදුසුකම් තියෙන්න ඕන.


රෝහල් ප්‍රකාශකයෙකු පවසන්නේ, ඇය දියවැඩියාවට භාවිත කරන ඖෂධයක් අධික ලෙස පානය කර ඇති බවත්, ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි.

පොලිසිය සැක කරන්නේ වයස්ගත මව බේරා ගැනීමේ අරමුණින් පොලිස් පරීක්ෂණ වෙනතකට යොමු කිරීමේ සැලසුමක් සිදුකරමින් පවතින බවයි.

මියගිය ගුරුවරියට වැඩිමහල් සහෝදරයා හා සහෝදරියක සිටින අතර, සහෝදරිය විවාහව මාතර වෙනත් ස්ථානයක පදිංචිව සිටින බවයි පැවසෙන්නේ.

පියා මිය ගොස් සිටින අතර, ඇය තම මව හා සහෝදරයා සමඟ එම නිවසේ පදිංචිව සිට තිබේ.

You May Like This Video


GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha