කුඹුරක බැඳ සිටි ගවයා මරා දමා, වේලන්න කෑලි වලට කපාගෙන යයි..

Report

දඹගල්ල පොලිස් වසමට අයත් රුවල්වෙල දැලිව ප්‍රදේශයේ කුඹුරක බැඳ සිටි එළදෙනකු මරා මස් රැගෙනගිය සැකකරුවකු දඹගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වාර්තා වනවා.

කොරටිය රුවල්වෙල දඹගල්ල පදිංචි ගව හිමියා බුත්තල ප්‍රදේශයට යෑමට ඇති බව පවසා තම ගවයන් කුඹුරේ ගැටගසන ලෙස සිය පුත්‍රයාට ප්‍රකාශ කර තිබේ.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..


අනතුරුව පුතා විසින්, පියා සහ පවුලේ අය බුත්තල ප්‍රදේශයට ගොස් සිටියදී ගවයන් ඔවුන්ට අයත් කුඹුරේ ගැටගසා ඇති බවයි පැවසෙන්නේ.

පසු දින උදෑසන කුඹුරට ගොස් බැලීමේදී අවුරුදු දෙකහමාරක් පමණ වයසැති එළ වැස්සිය කුඹුරේ වැටී සිටිනු දැක පරීක්ෂා කිරීමේදී එළ වැස්සියගේ ගෙල ප්‍රදේශය කපා ශරීරයේ කොටස්ද කපා මරා මස් රැගෙන ගොස් ඇති බවට අනාවරණය කර ගෙන ඇත.

ඒ පිළිබඳ සොයා බැලීමේදී ප්‍රදේශයේ පාළු නිවසක ගව මස් වේලමින් සිටි සැකකරුවකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් ඝාතනය සිදුකළ බවට පිළිගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඝාතනය කළ මෙම එළ වැස්සියගේ වටිනාකම රුපියල් එක් ලක්ෂ පනස්දහසක් පමණ වන බවයි වාර්තා වන්නේ.

බිහිසුණු දුම්රිය අනතුරකින් 02ක් මියයයි.(PHOTOS)

බිහිසුණු දුම්රිය අනතුරකින් 02ක් මියයයි.(PHOTOS)


මෙම වැටලීමේදී ඔහුගේ සන්තකයේ තිබී ගංජා කිලෝ 02 ග්‍රෑම් 175 සොයාගෙන තිබෙන සැකකරු ගවමස් සහ වියළි ගංජා සමග සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

දඹගල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති ජේ.එස්.එම්. ජවුසි මහතාගේ උපදෙස් පිට පොලිස් පරීක්ෂක සමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.