මැදපෙරදිග ඇවිලෙන යුද්ධෙන් ලංකාවට වෙන්න යන දේ ගැන මහින්ද කට අරී
මැදපෙරදිග පවතින යුද තත්ත්වය නිසා මෙරට අනාගතයට විශාල බලපෑමක් ඇති වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරි මංගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයෙන් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. එහිදී,
ප්රශ්නය - වත්මන් රජය සම්බුද්ධ ශාසනයට දක්වන සේවය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද.?
පිළිතුර - මොනවා හරි සේවයක් කරනවා ද.?
ප්රශ්නය - සම්බුද්ධ ශාසනයට දෙවැනිකොට සලකන තත්ත්වයක් තියෙනවා. ඔබතුමාගේ කාලයේදී කොහොමද සැලැකුවේ.?
පිළිතුර - ඉහළින්ම තියලා. දැන් එහෙම කරනවා ද කියන එකත් ප්‍රශ්නයක්.
ප්රශ්නය - ඔබතුමාගේ කාලයේ හිටිය බුද්ධි අංශ නිලධාරියෙක් අමානුෂික ලෙස සිරගත කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද.?
පිළිතුර - ඔහු කළ සේවය අගයන්න ඕනේ මිස හිර කරන්න නෙවෙයි තියෙන්නේ. හිර කරන කාලයක් නෙවෙයි මේක.
ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙයි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය
ප්රශ්නය - මේ වනවිට ජාත්‍යන්තර යුද්ධයක් පැවැත්වෙනවා. තව ටික කාලයක් මේ යුද්ධ පැවැතුණහොත් රටේ අනාගතයට මොකක් වෙයි කියලා ද හිතන්නේ.?
පිළිතුර - ගැටලුවක් ඇති වෙනවානේ. රටට, රටේ අනාගතයට ගැටලුවක් ඇති වෙනවා.
ප්රශ්නය - රටේ දැන් තත්ත්වය ගැන මොකද හිතන්නේ.?
පිළිතුර - කරන එක ගැන නම් කියන්න දෙයක් නැහැනේ. මට වඩා හොඳට ජනතාව දන්නවා.