'' ජනතා විමුක්ති පෙරමුණ මේ වෙද්දි විපක්ෂයේ හිටියනම් ආන්ඩුවට බැනගෙන ජනතාව උසිගන්වනවා '' මන්ත්‍රී රෝහන කියයි
මේ වෙද්දී ආණ්ඩුවෙ අදුරෙ අතපත ගාමින් සිටින බවත් සරිලන විසදුමක් තාම ලබා දී නොමැති බවත් සමගි ජනවේග පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා සදහන් කරයි .
මේ සම්බන්ධව එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
''අපේ රටට විතරක් පොදු කාරණයක් නෙමෙයි මේක . සමස්ථ ලෝකයටම මේ ඉන්දන අර්බුධය දැනෙන කරුණක් බවට පත්වෙලා තියනවා . තෙල් සම්පත් නොමැති සෑම රටකටම මේ අර්බුධයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියනවා .අපි විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව කරන්න සූදානම් නෑ . මෙවැනි සිද්දියක් රටේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ හිටියනම් ආන්ඩුවට බැනගෙන ආණ්ඩුව විවේචනය කරගෙන ආණ්ඩුවට විරුද්ධව තෙල් පෝලිම් වලට ඇවිල්ලා බෝඩ් අල්ලන තැනට රටේ ජනතාව උසි ගන්වලා කටයුතු කරයි . ඒ තරම් බොලද තත්වෙකට අපි වැටිලා නැහැ .
අපි දන්නවා මේක ගෝලීය ප්‍රශ්නයක් . මේකෙදි විසදගන්න ඕනෙ දේවල් කිහිපයක් තියනවා . ආණ්ඩුවෙ අදුරෙ අතපත ගාමින් ඉන්නේ සරිලන විසදුමකට තාම ගිහින් නැහැ. අපි දන්නවා ආණ්ඩුවෙ විපක්ෂයේ ඉන්න කොට කාංචනගෙ QR කිය කිය ආණ්ඩුවේ ඉන්නැද්දි කියපු දේවල් තියනවා .
මේ ආණ්ඩුවෙ ඇවිල්ලා කියන්නේ එකක් කරන්නේ තව එකක් . QR වැඩේ සැළසුමක් ඇතිව කරලා නෑ අද වෙනදට වඩා පෝලිම් ඇති වෙලා . තවමත් ගොවි ජනතාව අස්වනු නෙළමින් ඉන්නේ ඒ මැෂින් වලට අදාළ ඉන්ධන දෙන්නෙ කොහොමද ? මේ සියල්ලටම විසදුම් දෙන්නේ ඕනේ .
විපක්ෂය කොයි වෙලාවකවත් මේ රටේ ජනතාව උසිගන්වන්න සූදානම් නැහැ ''