බම්බලපිටියේ බරපතළ රිය අනතුරක් - 5ක් අනතුරේ
බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද (06) අලුයම පැවති බරපතළ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරන ලදී.
බම්බලපිටිය පොලීසිය සඳහන් කළේ, වැල්ලවත්ත දෙස සිට කොල්ලුපිටිය දිශාවට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ මෝටර් රථ දෙකක් සමඟ ගැටී මෙම අනතුර සිදු වූ බවය.
පසුව, එම ලොරි රථය දුම්රිය මාර්ගය දිශාවට ගමන් කරමින්, දුම්රිය පීලි මත නතර වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.